Press "Enter" to skip to content

කංජිපානිගේ පියා සහ සහෝදරයාත් අත්අඩංගුවට

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා සහා ඔහුගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු රත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(12) සවස බූස්ස බන්ධනාගාරයේ, රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතීන් සතුව තිබී සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබු ජංගම දුරකථන 2ක් හා චාජර් 2ක් සොයා ගැනීමට හැකි වීම මොවුන් අත්අඩංගුවට ගැනීමට හේතුවයි.

ඒ අනුව රත්ගම පොලීසිය විසින් කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රත්ගම පොලීසිය විසින් සිදු කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *