Press "Enter" to skip to content

කැනඩාවෙහි රැකියා දෙන බවට මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

කැනඩාවෙහි රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් වංචාවන් කිහිපයක් සිදුකර රුපියල් 10,422,535ක මුදලක් වංචාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (08) දහවල් 1.30ට පමණ බම්බලපිටිය හන්දියේ දී අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් 32 හැවිරිදි සැකකරු අද (09) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්නඅපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *