Press "Enter" to skip to content

කොටි ඩයස්පෝරාවෙන් රජයට එරෙහිව මානව හිමිකම් සමුළුවට පැමිණිල්ලක්

43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට නියමිතව තිබියදී එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා සහ කොටි ඩයස්පෝරාව එක්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් කර ඇත.

යුද අපරාධ චෝදනා ලත් හමුදා ප්‍රධානීන් රජයේ ඉහළ ධූරවලට පත් කරමින් මුළු රටම හමුදාකරණය කර ඇති බව ඇය සහ කොටි ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත විමර්ශන වාර්ථාවක් ගොනු කරමින් දන්වා ඇත.

විරුද්ධවාදීන් හඹා යෑම ආරම්භ කර ඇති බවට දක්වන තේමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ රජය මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් සහ රජයට එරෙහි වූවන් 89 දෙනෙකුට එරෙහිව ක්‍රියාකර ඇති බවයි.

සුකාගේ මේ වාර්තාවේ විශේෂ කාර්ය බලකාය රහස් පොලිස් මූලස්ථානයට කඩාවැදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විමර්ශනය කළ නඩුවලට අදාළ ලිපි ගොනු සෙවූ බවටද එම වාර්තාවේ සඳහන් කර ඇත.

කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු මේ වාර්තාව සකස් කිරීමට සුකාට සහාය ලබා දී තිබේ.

සුකා සිය වාර්තාවෙන් හමුදා බුද්ධි ප්‍රධානී ලෙස සුරේශ් සැලේ, හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න යන අය පත්කිරීම ගැනද මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි කර ඇත

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *