Press "Enter" to skip to content

කොරෝනා මඩින්න ඉන්දියාවෙන් එන්නතක්

ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක්වන භාරත් බයෝටෙක් මඟින් නිෂ්පාදනය කර ඇති කොවිඩ් -19 ඖෂධය මිනිසුන් යොදාගෙන අත්හදාබැලීමට අවසර ලැබී තිබේ.

එරට ඖෂධ පාලනාධිකාරිය ඒ සඳහා අවසර දී  ඇති ප්‍රථම දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම එය වේ.

එම ඖෂධය “කොවැක්සින්” ලෙස නම් කර තිබේ.

ඉන්දීය ඖෂධ පාලක ජනරාල් ඒ අනුව භාරත් බයෝටෙක් සමාගමට යොදාගෙන මිනිසුන් සඳහා කොවැක්සින් එන්නත අත්හදාබැලීමට අවසර දී තිබේ.    

එම එන්නත සඳහා අත්හදා බැලීම් ඉන්දියාව පුරා ජුලි මස සිදුකිරීමට නියමිතය.

ඉන්දියාව පුරා මේ වනවිට කොවිඩ් -19 ආසාදිතයින් 548,000ක් හමු වී ඇති අතර මියගොස් ඇති ආසාදිතයින් ගණන 16,475කි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *