Press "Enter" to skip to content

ඉන්දියාවෙන් කොරෝනා මරණ 195ක්

ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ්-19 වෛරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ කාලය තුළ වෛරසය හේතුවෙන් මරණ 195ක් සිදුව ඇති අතර වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 3932 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,437ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 සිදුව ඇති මරණ සංඛ්‍යාව 1566ක් වන අතර ආසාදිතයින් 12,847 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *