Press "Enter" to skip to content

තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරුම් උත්වසට වාරණ නියෝගයක්

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැවැත්වීමට සැලසුම් කර ඇති මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරුම් උත්වස සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.ඒ අනුව කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ පොදු මහජනතාවට පීඩාවක් වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින් එම වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

 

ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

 

කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *