Press "Enter" to skip to content

දොළවත්ත කළකිරෙයි… කෙලින්ම රනිල් ලගට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන තමන් දැඩි කලකිරීමකට ලක්ව සිටින බව එම පක්ෂයේ කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි.

 

පක්ෂයේ ඇතැම් නායකයින් තමන් ගැන කිසිදු තැකීමක් නොකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

 

පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කලද මේ වන තෙක් පක්ෂයේ කිසිදු වගකීමක් තමන්ට පවරා නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

 

බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේ පැවති නව සන්ධානයේ කොලඹ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන්ගේ බක්මහ උලෙළේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් ඔහු හැර වෙනත් අපේක්ෂකයෙකු පෙනෙන තෙක් මානයකවත් නොමැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *