Press "Enter" to skip to content

නිදන ඇඳක් ලබාදීමට එක් රැඳවියකුගෙන් මසකට රුපියල් 25,000 යි… සම්පායෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවකු ලෙස නම් කරනවා

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාව මීගමුව බන්ධනාගාරය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු ලෙස නම්කර ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසට විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (18 දා* මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට පෙන්වා දුන්නේය.
 
 එම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හා අල්ලස් පනත යටතේ වත්කම් හා දේපළ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 අනුරුද්ධ සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ සමයේ ඔහුගේ මෙහෙයවීම යටතේ රැුඳවියන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් පහසුකම් සහිත නිදන ඇඳක් ලබාදීමට එක් රැුඳවියකුගෙන් මසකට රුපියල් 25,000 බැගින් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැන්වීය.
 
 එකී සැකකරුගේ අධීක්‍ෂණය යටතේ පැවැති සුඛෝපභෝගී පහසුකම් සහිත සිරමැදිරියක රඳවා තැබීමට එක් රැුඳවියකුගෙන් මසකට රුපියල් පනස්දහස, ලක්‍ෂය හා ඊට වඩා වැඩි මුදලක් පවා අයකර ඇති බවට මෙන්ම දුරකථන ඇමතුම් දෙක තුනක් ලබා ගැනීමට අවස්ථාව ලබාදුන් විට රුපියල් 500, 1000 බැගින් අයකර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයිද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසීය.
 
 මිනී මැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටි පි‍්‍රයන්ත අජිත් කුමාර නමැත්තා ලබාදුන් ප‍්‍රකාශ අනුව එකී කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. පසුගිය පෙබරවාරි 13 වැනිදා බුද්ධි අංශ විසින් එම බන්ධනාගාරයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් නමුත් ඒ සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් විධිමත් ආකාරයෙන් මෙතෙක් විමර්ශනයක් සිදුකර නොමැති බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම සැකකරුගේ පාසල් මිත‍්‍රයකු වන මීගමුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගෙන් සාධාරණ පරීක්‍ෂණයක් අපේක්‍ෂා කළ නොහැකි බවද සඳහන් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *