Press "Enter" to skip to content

පැමිණිලිකරුවන්ට දඩුවම් දෙන, දුෂිතයන් නිදහස් වෙන, කැකිල්ලේ රජ්ජුරුවන්ටත් ලැජ්ජ හිතෙන දුෂණ විරෝධී පනත – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආණ්ඩුව විසින් තාවකාලිකව අකුලා ගෙන ඇති දුෂණ විරෝධී පනත පැමිණිල්කරුවන්ට දඩුවම් දෙන විත්තිකරුවන් නිදහස් වෙන කැකිල්ලේ රජ්ජුරැවන්ටත් ලැජ්ජ හිතෙන පනතක් බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

ඔහු මේ අදහස් පළකළේ අද කොළෙඹදී ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

මේ වන විට ආණ්ඩුව තමන් විසින් ඉදිරිපත් කළ දුෂණ විරෝධී පනත තාවකාලිකව හකුලාගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා මේ පනතේ වගන්ති 28ක් ව්‍යවස්ථාවට පටහැනියි කියලා. ඒ වගේම අධිකරණයේදී නියෝග කර තියෙනවා තවත් වගන්ති 5ක් සංශෝධනය කරන්න. දැන් පාර්ලිමේන්තුවේදි වගන්ති හතලිස් ගණනක් සංශෝධනය කළ යුතු බව පිළිගෙන මෙම පනත තාවකාලිකව හකුලාගෙන තිබෙනවා.

 

ආණ්ඩුවේ මේ සෙල්ලම මීට පෙරත් අපි දුටුවා මහ බැංකු පනතේ සංශෝධන 40 ගණනක් තියෙනවා. අමේ රටේ නීති කෙටුම්පත් අංශයේ ඉතා දක්ෂ නිලධාරීන් ඉන්නවා. අපි කිසිසේත්ම හිතන්නේ නැහැ මෙත් මේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් සකස් කළ කෙටුම්පතක් කියලා. මේවා භාහිර තැන්වලින් හදලා කැබිනට් එක හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ලබාදෙන පනත් කියලා පැහැදිලියි.

 

මේ පනත ඉතාම පැහැදිලියි දුෂළතයන්  මර්ධනය කිරීමට වඩා දූෂිතයන් ආරක්ෂා කිරීම සදහා එහෙමත් නැත්තම් දුෂිතයන් මර්ධනය කිරීමට පියවර ගැනීම අපහසුවන ආකාරයට තමයි මේ පනත සකස් කරලා තියෙන්නේ. මේකේ තියෙන යම් මානසික යුද උපක්‍රම බලපුවාම දුෂිතයන් යටත් කරලා ඔවුන්ගෙන් වැඩ ගැනීමේ, ඔවුන් දේශපාලන අරමුණු සදහා යොදා ගැනීමේ උපක්‍රමය මත ගෙනා පනතක් මේක.

 

පසුගියදා ගෙනාපු ත්‍රස්ත විරෝධී පනතේ වගේම ප්‍රතිපාදනයක් තියෙනවා යම් කිසි දුෂිතයෙකුට විරුද්දව විමර්ශනයෙන් පසුව නඩු පවරන්නේ නැතිව ඔහු සමග කේවල් කිරීමෙන් පසුව නඩුව ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එපමණක් නොවෙයි අධිකරණයේ නඩුව විභාග වෙමින් තිබෙද්දි මේ පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පුළුවන් නඩුව ඉවත් කරන්න. ඒ අර චූදිතයා එක්ක එකගතාවයකින් මෙකක්ද මේ එකගතාවය දේශපාලන කේවල් කිරීමක් වෙන්න පුළුවන්. ඊට අමතරව නඩු පවරන්නේ නැතිව දේපළ පවරාගෙන ගොඩින් බේරගන්නත් මේකේ පුතිපාදන තියෙනවා.

 

මේ පනත මගින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණය ඉක්මවා යන විශාල බලතල  ප්‍රමාණයක් දීලා තිබෙනවා. ඔහුට පුළුවන් අධිකරණයේ අවසරයක් නැතිව යම් තීන්දු තීරන ගන්න ඔහුට පුළුවන්. ඔහු පත්කරන්නේ අමාත්‍යවරයා. එතකොට පැහිදිලිව පේනවා අමාත්‍යවරයාට මේ දුෂිතයා යටත් කරගෙන තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් තියාත්මක කරගෙන ඉතා ප්‍රභල අවකාශයක් මේ පනතින් නිර්මාණය කරගනු ලබනවා.

 

මේ පනත මගින් යම් පැමිනිල්ලක් දාපුවාම පැමිනිල්ලේ යම් දෝශයක් තිබුණොත් පැමිණිලිකරුට දෙන දඩුවම බරපතළයි. .

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *