Press "Enter" to skip to content

පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට උතුරු සහ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්වරුන් කිසිදු සහයක් ලබාදුන්නේ නැහැ – හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් කියයි (වීඩියෝ සහිතයි)

උතුරු නැගෙනහිර පුරාවිද්‍ය රක්ෂිත ගැසට් කිරීම සදහා කිසිදු සහයක් ලබා නොදුන් බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසයි.

 

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික උරුමයන් සුරැකීම සදහා වූ සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබද විමර්ශන කොමිසමේ අවසන් දිනයේ සාක්ෂි ලබාදීමේදීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෙනරත් දිසානායක මහතා මෙසේද පැවසීය.

 

‘‘ඔබ තුමන්ලා දන්නවා බෞද්ධාගමික උරුමයක් වගේම ලෝක උරුමයකුත් උතුරේ තියෙනවා.  ඒවා සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පැන නැඟුණා. මොකද අපි දන්නවා  අගල් ගානක පැලයක් අවුරුදු තිහක් යනකොට කොච්චර රූස්ස ගහක් බවට පත් වෙනවාද කියලා. . ඉතින් මේවා සම්පූර්ණයෙන් අවුරුදු තිහක කාලයක් තිස්සේ  නොසලකා හැරලා තිබුණේ.  ඒත් උතුරු පළාතේ එතරම් යුද්ධයක් තිබියදීත්  ඒ වගේම එල්ටීටීඊයේ විශාල බලයක් තිබියදීත් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා වුණා.  ඔවුන්ගේ ලොකු නිලධාරියෙක් ගෙන් අපි මේ ගැන ඇහුවාම ඔහු පැවසුවා  අපි රටක්හැ හැදුවට අපේ ආදායම තියෙන්නේ මේ පුරාවිද්‍යා ස්ථාන වල කියලා. ඔවුන් ඒ අරමුණින් තමයි ඒවා ආරක්ෂා කළේ.

 

ඒ වගේම අපිට ඊළඟ ප්‍රමුඛතාවය තිබුණේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කිරීම. නමුත් තවත් ප්‍රශණයක් තිබුණා.  මේ පුරාවිද්‍යා ස්ථාන ගැසට් කරනකොට අපිට කිසිම සහයක් ලැබුණේ නැහැ ප්‍රදේශිය  ලේකම්වරුන්ගෙන්. මොකද අපි දන්නවා මේ ප් රාදේශීය ලේකම්ට ලොකු වගකීමක් තියෙනවා පුරාවිද්‍යා ස්ථාන ගැසට් කරන්න. විශේෂයෙන්ම රක්ෂිත ප්‍රකාශයට පත්කරන්න. ඒ සහය ලැබුණේ නැහැ. කිසිම කෙනෙක්ගෙන් සහය ලැබුණේ නැහැ.

 

නැගෙනහිර පළාතෙත් මේ ප් රශ්නේ තිබුණා. අපි නැගෙනහිර පළාතේ ත් රිකුණාමලය දිස්ත් රික්කයේ  ගවේෂණය කළා. ඒත් ස්ථාන මතක හැටියට ස්ථාන තුන්සීයකට අධික ප් රමාණයක් අපි හඳුනාගෙන තිබුණා.  මේ මෑතක් වෙනකන්ම මගේ ධූර කාලය අවසන් වෙනකම් මේ ගවේෂණ ක් රියාවලිය ගියා. මේ  ස්ථානත් අපි අර ප් රමුඛතා ක් රමවේදයම තමයි අනුගමනය කළේ. කොටින්ම ඒක අපිට දේශපාලනිකව කිසිම සහයක් ලැබුණේ නැහැ. රාජතාන්ත්‍රිකව කිසිම සහයක් ලැබුණේ නැහැ.  මං හොඳ උදාහරණයක් කියන්නම්. අපි ගැසට් නිවේදනයේ එවකට හිටපු අමාත් යවරයාට යැව්වාට පස්සේ ඔහු තමන්ගේ මේසේ තියාගෙන හිටියා අවුරුදු දෙකක් විතර මේ එකක්වත් ගැසට් කරන්න ඕක අත්සන් කරලා එව්වේ නෑ.

 

ඔවුන් ඔවුන්ගේ යුතුකම පැහැර හැර තිබුණා. දැන් මේ පුරාවිද්‍යා ස්ථානවල අපි දැක්කා ප් රශ්න, අපේ ගවේෂණ වල දැක්ක ප් රශ්න ගණනාවක් තියෙනවා.  අතරින් පතර සාමාන් ය සිරිත් පරිදි අනූ දෙකෙන් විතර පස්සේ විනාශ කරපු පුරාවිද්‍යා ස්ථාන අතලොස්සක් තිබුණා.  මේවා මේ අපි දන්නෑ මොන පාර්ශව වලින් කරාද කියලා. යැයි පැවසීය.

 

එදින එම කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සරත් වීරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජාතික පුනරුද සංසදයේ එ.ටී. ආරියදාස, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, ජනක බෝධිනන්ද ආදී මහත්වරුන් සාක්ෂි දෙනු ලැබීය.

 

සියලු සාක්ෂි පහත වීඩියෝ මගින් නැරඹිය හැක

 

 

 

 

Whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *