Press "Enter" to skip to content

බදියුදීන්ගේ නඩුවට එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය මැදිහත් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා  සම්බන්ධයන් ලංකාවේ  පවතින නඩු විභාගය පිළිබදව ඉදිරියේදී ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය කියා සිටී.

 

පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයා මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී  සංගමය සිය නිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ කියා සිටී.

 

එම සංගමය විසින් නිකුත් කළ ට්විටර් පණිවඩයේ සදහන් වූයේ ත්‍රස්තතවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාට ඇප මත නිදහස ලැබීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය සතුටට පත් වෙමු. තවද එම නඩු විභාගය පිළිබඳව ඉදිරියේදී ද අප ඉතා සමීපව නිරීක්ෂණය කරමු. යන්නයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *