Press "Enter" to skip to content

මහින්ද වෙනුවෙන් කළ කැපවීමට පාඨලී ජාතියෙන් සමාව ඉල්ලයි

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා කැපවී කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා ජාතියෙන් සමාව ගන්නා බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

2016 රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකද මහතාට ඊයේ අධිකරණයෙන් ඇප හිමි වූ අතර අද පෙරවරුවේ ඔහු මහනුවරට පැමිණ ශ්‍රී දළඳා සමිදුන් වැඳ පුදා ගත්තේය.

තමා ඇතුළු ජාතික හෙළ උරුමයේ කැපවීමෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වු බවත් තමන් කළ දේශපාලන වැරදි වන්නේ මේවා බවත් ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *