Press "Enter" to skip to content

මැතිවරණ කොමිසමේ චෝදනා විමල් ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

උද්ගතව ඇති තත්ත්වය හමුවේ දේශපාලකයන් ජනතා සේවය සිදු කරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරණයේ නිරත වන බවට මැතිවරණ කොමිෂන් සභාව සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අද ප්‍රතිචාර දක්වමින්.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබුණි.

එමඟින් ඔහු දන්වා තිබුණේ මහමැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් රට තුළ පවතින වාතාවරණය හමුවේ ජනතාවට භාණ්ඩ බෙදා හැරීමේ මුවාවෙන් සිය අපේක්ෂකත්වය සහ පක්ෂය ප්‍රවර්ධන කිරීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින බවයි.

ඊට අමාත්‍යවරයා අද ප්‍රතිචාර දැක්වූයේ කොවිඩ් – 19 ආසාදිතයන් බවට සැකකෙරෙන රෝගීන් අධීක්ෂණය කෙරෙන හෝමාගම මූලික රෝහලේ නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේදී. 

එහිදී අමාත්‍යවරයා රෝහලට වායු සමන යන්ත්‍රයක්ද ප්‍රදානය කළේය.

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/649880869071644/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *