Press "Enter" to skip to content

මැතිවරණ කොමිසම සීරුවෙන්

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට දින නියම කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ වහාම නිළ වශයෙන් මැතිවරණ රාජකාරි ආරම්භ කිරීමට සූදානමින් සිටින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව මැතිවරණ කොමිසමේ පළමු රාජකාරි වන්නේ නාමයෝජනා ලබාගැනීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමයි.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඊට අදාල සියලු බලතල මැතිවරණ කොමිසම වෙත පැවරෙන අතර නීතිය අකුරටම ක්‍රියාත්මක වන මැතිවරණයක් සඳහා උපරිම විධිවිධාන ගැනීමට සූදානමින් සිටින බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අප්‍රේල් 25,27,28,29 හෝ මැයි 04 යන දිනවලින් එක් දිනයකදී මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙන බවයි. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *