Press "Enter" to skip to content

රතන හිමි අදත් නෑ

පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් අපේ ජන බල පක්ෂයේ හිටපු මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට කළ පැමිණිල්ල ඊයේ (22) කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී විභාගයට ගත්තේය.

අනතුරුව ඊයේ පස්වරුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවන විහාරස්ථානයට කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු පොලිස් කණ්ඩායමක් පැමිණි නමුත් එම අවස්ථාවේදී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැත.

එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රතන හිමියන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ අද (23) දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිමට උන්වහන්සේ එකඟ වී තිබුණි.

නමුත් අද පෙරවරු 09.00ට පමණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි අතර රතන හිමියන් එම අවස්ථාවට පැමිණ තිබුණේ නැත.

කරුණු විමසීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටතට පැමිණි වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් සඳහන් කළේ රතන හිමි විසින් විමර්ශන නිලධාරීයාට දුරකතන ඇමතුමක් ලබා දී පස්වරුවේ ප්‍රකාශයක් ලබා දෙන බව පවසා ඇති බවය.

ඒ අනුව රතන හිමියන්ගේ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා අද පස්වරු 04.00ට පමණ කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු පොලිස් කණ්ඩායමක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවන විහාරස්ථානයට පැමිණියේය.

අද දිනයේත් රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිටියේ නැත.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *