Press "Enter" to skip to content

ගෝඨාට සහය ලබාදීමට රතන හිමි තීරණය කරයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට පූජ්‍ය අතුරලියේ රතන හිමි තීරණය කරයි.

ජාතික ආරක්ෂාව, රටේ ඒකීයභාවය, වස විසෙන් තොර ආහාර සංස්කෘතියක්, අන්තවාදය පරාජය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කළ බව රතන හිමි පවසයි.

ඉදිරි දිනවලදී තමා නියෝජනය කරන පුළුල් ජනතා බලවේග සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්වන බවද එම හිමියන් පෙන්වා දෙයි.

රට අරාජික කිරිමකින් තොරව ඉදිරියට ගෙන යෑම සඳහා රටට කොන්ද පණ තියෙන නායකයෙක් අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සුදුසුම නායකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් රතන හිමියන්පෙ පෙන්වා දෙයි.

ඔය රනිල්, කරූ , සජිත් කවුරු පැමිණිය ද ඔවුන් පරාජය කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවද රතන හිමි පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *