Press "Enter" to skip to content

රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න කැමතියි-රවීන්ද්‍ර සමරවීර

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට කැමැත්තෙන් සිටියද කිහිපදෙනෙකුගේ වුවමනාව මත ඔහු තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

අද (20) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය.

පක්ෂ නායකත්වය ලබා දීමේදි පුද්ගලයා පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.

එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනයට හා ත්‍රිවිධ හමුදාවට සේවාවක් සිදු කළ බවයි.

නමුත් ඔහුගේ සිතුම් පැතුම් හා වැඩ කරන ක්‍රමය වර්ථමානයේ ජනතාව ප්‍රතික්ෂේප කරන බවත් ජනතාව අලුත් මුහුණක් ඉල්ලන බවත් රනිල් වික්‍රමසිංහ මහතාට පැවසු බවදච මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එහිදි රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්ව ලබා දීමට කැමැත්ත පල කළ බවත් කිහිපදෙනෙකුගේ ඉල්ලීම මත එය සිදු නොකර සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වෙතත් අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස එකමුතුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *