Press "Enter" to skip to content

රනිල් එජාප පක්ෂ නායකයින් හදිසියේ අරලියගහ මන්දිරයට කැඳවයි…

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අද රාත්‍රී අරලියගහ මන්දිරයට කැඳවා ඇතැයි වාර්තා වේ.

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන පිළිබඳව සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණීම මෙහි අරමුණ වී තිබේ. මෙම යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බිහි කිරීමට පෙර ජනාධිපති අපේක්ෂක නම් කලයුතු බවට එක් කණ්ඩායමක් ප්‍රකාශ කරද්දී තවත් කණ්ඩායමක් ප්‍රකාශ කරන්නේ මෙම පෙරමුණ බිහි කිරීමෙන් පසුව ජනාධිපති අපේක්ෂක ප්‍රකාශ කිරීම වඩා සුදුසු බවයි.

මෙම මත දෙක සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා පසුගිය දිනවල පැවැති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් දැඩි ලෙස උණුසුම් මුහුණුවරක් ගත් අතර මෙමතත්වය තව දුරටත් පැවතිය හොත් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීම ද දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *