Press "Enter" to skip to content

රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධූරයට?

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයට යෝජනා වී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය මීළඟ වාරයේදී භාරගන්නා ලෙස එම සංවිධානය විසින් යෝජනා කර ඇතැයි ද වික්‍රමසිංහ මහතා ඒ ගැන සලකා බලමින් ඇතැයිද අමරතුංග මහතා පැවසීය.

තම පුද්ගලික අදහස නම් වික්‍රමසිංහ මහතා එම තනතුර භාර ගැනීම වඩා සුදුසු බව යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලෝක මට්ටමෙන් බලපෑම් සහගත එවන් ධුරයක් ලංකාවට හිමිවීම ගෞරවයක් යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙවන් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි තමන් මෙතෙක් දැනුවක් වී නැති බවයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *