Press "Enter" to skip to content

ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් අතරට ශ්‍රී ලාංකිකයෝ 24ක්.. නම් ලැයිස්තුව මෙන්න

ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට ශ්‍රී ලාංකිකයෝ 24ක් ඇතුළත් වෙති.

 

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශන ආයතනය ලොව පුරා විද්‍යාඥයන්ගේ පර්යේෂණ, ප්‍රකාශන ආදියෙහි ප්‍රගතිය සහ තවත් සාධක රැසක් සැලකිල්ලට ගනිමින් මෙම ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් 24 දෙනා අතුරින් ඉහළින්ම සිටිනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ 6 ක්, කැලණිය විශ්ව විද්‍යාලයේ 5 ක් , කොළඹ විශ්ව විද්‍යාලයේ 4 ක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 3 ක්, රජරට විශ්වවිද්‍යායේ 2 ක්, යාපනය හා වයඹ විශ්වවිද්‍යාලවලින් එක් අයෙක් බැගින් රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් විද්‍යාඥයෝ 22 ක් ද, අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය නියෝජනය කරන විද්‍යාඥයෝ 2 ක් ද මේ අතරට එක්ව සිටිති.

 

 

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥවරියක ලෙස තෝරා ගෙන තිබේ.

 

කොරෝනා සම්බන්ධ පර්යේෂණ සිදු කරන විශේෂඥයන් 10 දෙනකුගෙන් මෙම කණ්ඩායම සමන්විත අතර එම පත්කිරීම වසර 2 ක් සඳහා වලංගු වේ.

 

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *