Press "Enter" to skip to content

ලෝක ඇංග්ලිකන් සභාවේ අගරදගුරු ලංකාවේ සංචාරයක

ලෝකඇංග්ලිකන් සභාවේ අගරදගුරු  ජස්ටින් වෙල්බි  පියතුමා ශ්‍රී ලංකාවේ තුන් දින සහයෝගිතා  නිල සංචාරයක් සදහා  අද (29)  දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

එංගලන්තයේ , කැන්ටබරි හි වාසය කරන එතුමා සමග එතුමාගේ බිරිඳ , රදගුරු ඇන්තනි ෆෝෂෝ සහ ප්‍රධාන කාර්යය භාර නිලධාරී කැනන් ඩේවිඩ් පෝටර් යන තිදෙනා ද පැමිණ සිටියහ 

මෙම පිරිස අද දින උදෑසන 9.20 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

ගුවන් තොටුපළ වෙත පිවිසි අගරදගුරුතුමා , ගුවන් තොටුපළ ස්වර්ණ පුස්තකයෙහි සිය සටහනක් තැබීමට පියවර ගත්තේය .

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *