Press "Enter" to skip to content

විද්වත් කමිටුවේ වාර්තාවෙන් කියන්නේත් එම්.සී.සී. ගිවිසුම රටට අහිතකරයි කියලලු..!

ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් විමසා බැලීම සදහා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද විද්වත් කමිටුව, ඔවුන්ගේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාර දුන්නේ ය.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ නීති රාමුවට හානි විය හැකි බවට විද්වත් කමිටුව ඔවුන්ගේ වාර්තාවෙන් පෙන්වා දී ඇති බව ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.

අදාල කමිටුවේ සභාපති ලෙස, මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන් මහතා කටයුතු කරයි.

කෙසේ වෙතත්, එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් විසින් කරන ලද විමර්ෂණ වාර්තාවේ සදහන් කරුණු මාධ්‍යයට වාර්තා කිරීම, විද්වත් කමිටුවට තහනම් ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *