Press "Enter" to skip to content

විනිසුරන්ගේ ඇපිට් බද්දට අතුරු නියෝගයක්

විනිසුරුවරුන්ගෙන් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (ජන. 26) අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

 

ඒ, අත්තිකාරම් පෞද්ගලික බදු (APIT) අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ගොනුකළ රිට් අයදුම්පත සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරුවන් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

 

ඒ අනුව, නැවත දැනුම්දෙන තුරු විනිසුරුවරුන්ගෙන් බදු අය කිරීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *