Press "Enter" to skip to content

විස්ස කොතනද? – අලි සබ්‍රි ඇමති සහ රජයේ මාධ්‍ය

ආණ්ඩුව විසින් මේ වනවිට නිල ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ප්‍රබල මතගැටීමක් නිර්මාණය වී තිබෙන බවට සාක්ෂි අනාවරණය වෙමින් තිබේ.

මේ බව වඩාත් තහවුරු වී තිබෙන්නේ අද (07) ආණ්ඩුවේ දිනමිණ පුවත්පතට අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් ලබාදී තිබෙන සම්මුඛ සාකච්ඡාවකිණි. ඔහු එහිදී ප්‍රකාශකර ඇත්තේ මේ වනවිටත් එම කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය හෝ කැබිනට් අනුමැතිය ලැබී නැති බව ය.

එම සාකච්ඡාවේදී ඔහු එය ප්‍රකාශ කර ඇත්තේ “එම කෙටුම්පත සලකා බලලා මෙම පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණවාද කියලා කැබිනට් මණ්ඩලය මගින් තීරණය කරන්න ඕනෑ. ඒ අනුව කැබිනට් අනුමැතියට යටත්ව ඉදිරි කටයුතු කරනවා. මේ කෙටුම්පත නීතිපතිවරයාට යොමු කළා. නීතිපතිවරයා ඔහුගේ මතය ප්‍රකාශ කළ විට මෙය ඉදිරිපත්කළ යුත්තේ මොන පදනමක් යටතේද කියලා සාමාන්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදන ක්‍රියාවලිය යටතේ අප ඉදිරි කටයුතු කරගෙන යනවා.” යනුවෙන් ය.

නමුත් පසුගිය 03වන බ්‍රහස්පතින්දා දිනමිණ පුවත්පතේම මුල් පිටුවේ මේ සම්බන්ධයෙන් පල කර තිබූ ප්‍රවෘත්ති දෙකකින් අවධාරණය කර තිබුනේ නීතිපතිවරයාගේ අනුමැතියත් කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් මෙම කෙටුම්පතට ලැබී ඇති බව ය.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *