Press "Enter" to skip to content

නේපාලයේ අලි සෙල්ලම්

අලින්ගේ සහභාගිත්වයෙන් පැවති සැණකෙලියක් පිළිබඳව මේ පුවත වාර්තා වුණේ නේපාලයෙන්.

නේපාලයේ වාර්ෂික චිතවාන් අලි සැණකෙළිය පසුගිය ඉරිදා පැවැත්විය.

ඒ එරට සුප්‍රසිද්ධ සංචාරක නැවතුමක් වන සෞරහා ගම්මානයේදීයි.

එය මෙවර පැවැත්වුණේ 16වන වරටයි.

ශරීර වර්ණ ගන්වන ලද අලින් කිහිපදෙනෙක් ඊට සහභාගි කර සිටියේය.

සැණකෙළිය නැරඹීමට විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවී සිටියේය.

ඇතැමුන් පුරුද්දක් වශයෙන් වාර්ෂිකව මෙම සැණකෙලියට සහභාගි වන අය බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම සැණකෙළිය සඳහා අලින් පුරුදු පුහුණු කිරීම ආරම්භ කරන්නේ මාසය හයකට පමණ පෙර සිටයි.

එහිදී අලින්ගේ ශරීරය පිරිසිදු කිරීම මෙන්ම ඇවිදීමේ රටා ආදියත් අලින්ට පුහුණු කරනු ලබයි.

ගොඩබිම වෙසෙන දැවැන්තම ක්ෂීරපායී සත්ත්වයා වන අලින් සමග අන්තර් ක්‍රියා පුහුණු කිරීමට මෙම සැණකෙලිය හොඳ අවස්ථාවක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

එමෙන්ම අලින් සම්බන්ධව දැනුවත් කිරීමක්ද මෙහිදී සිදුවන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *