Press "Enter" to skip to content

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ්  අසාදනය වී ඇති බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

 

ඇස්ට්‍රාසෙනිකා ප්‍රතිශක්තිකරණ එන්නතත සහ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් ප්‍රතිශක්තිකරණ එන්නත  ලබාගෙන ඇතත් මේ වන විට තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඒ මහතා තහවුරු කළේය.

 

ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ඒ මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව පැවසීය.

 

තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අදාල වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව ඒ මහතා කියා සිටියේය.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *