Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට වැදගත් ජිනීවා සැසිවාරය අද සිට ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.

මෙවර සැසිවරය ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් සැසිවාරයක් වෙයි. ඒ 2015 ඔක්තෝබර් මස 30/1 දරණ සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට නියමිත හෙයිනි.

එංගලන්තය, ප්‍රංශය හා කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් එක්ව ගෙනා මෙම යෝජනාවලියට පසුගිය රජය විසින් සම අනුග්‍රහය දැක්වීය.කෙසේ වෙතත් එවකට විපක්ෂයේ සිටි වත්මන් රජය ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල කළේය.

එම යෝජනාවලියෙන් ඉවත්වීම සඳහා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගිය බදාදා කැබිනට් අනුමැතිය හිමිවූ  අතර යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බවට පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පැවැති පාර්ලිමෙන්තු සැසිවාරයේදි විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *