Press "Enter" to skip to content

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සුදුසුකම් ලැබීය.පකිස්ථාන කණ්ඩායම සමග අද පැවැති තරගයේදී එක් ලකුණක තියුණු ජයක් හිමිකර ගනිමින් අවසන් මහා තරගයට සුදුකම් ලබා ගැනීමට සමත් විය.

 

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 122ක් ලබා ගත්තාය.පකිස්ථාන කණ්ඩායමට සිය පන්දු වාර විස්ස තුළ කඩුළු 06ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 121කි.ඒ අනුව මෙම මස 15 වැනිදා ඉන්දීය කණ්ඩායම සමග අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ඇත.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *