Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද සමත් වුනා.

 

ඒ දකුණු අප්‍රිකාව සමඟ අද පැවති තරඟය කඩුලු 08කින් ජය ගනිමින්.

 

දෙවන අවසන් පූර්ව තරගය වන මෙම තරගය පැවැත්වුනේ රාජ්පූර්හිදීයි.

 

මෙම තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලැබූවේ පළමු අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්.

 

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 125ක් ලබාගත්තා.

 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

 

උපුල් තරංග නොදැවී ලකුණු 39ක් සහ චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47ක් ලබාගත්තා.

 

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලබන ඉරිදා (21) මුම්බායිහිදී පැවැත්වීමට නියමිතයි.

 

මොනේ වැන්වර්ක් ලකුණු 53යි.

 

සුපිරි පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර ලකුණු 25කට කඩුලු 5ක් බිඳහෙලුවා.

 

මේ අතර, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක පන්දුවාර 20 තරගයක් ලබන අප්‍රේල් මස පැවැත්වීමට යෝජනා වී තිබෙනවා.

 

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා හිරු ස්පෝර්ට්ස් වෙත තහවුරු කළ අතර මෙම තරගය ලබන මස බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

 

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ කොළඹ ආර්ග ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගය නැරඹීම සඳහා 50%ක ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබාදීම කෙරෙහිත් අවධානය යොමු වී තිබෙනවා.

 

ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමේ නායක දසුන් ශානක සහ රෝඩ් සේෆ්ටි තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන තිලකරත්න ඩිල්ශාන් බොහෝදුරට කණ්ඩායම් දෙකේ නායකයින් ලෙස කටයුතු කරනු ඇති.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *