Press "Enter" to skip to content

ස්විස් තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් රාජිත කට අරී… කටට පිස්තෝලයක්ද තබා ඇති බව කියයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවද ඔහු පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය.

මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම දෙනා ස්විට්සරලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සුදුවෑන් සංස්කෘතිය යළි ඇරඹී ඇති බවත් කී ඔහු යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ කිසිදු දිනයක මෙවන් භිතියක් සමාජයෙන් නොතිබූ බවද සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *