Press "Enter" to skip to content

MCC ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි

එළඹෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට සහ ඊට අදාල පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ මහජන කටයුතු අංශය පෙන්වා දෙන්නේ එම්.සී.සී. සංවර්ධන ආධාර ප්‍රදානය අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය තමන් අගය කරන බවයි. 

ඒ අනුව අනෙකුත් හවුල්කාරී රටවල් 29 තුළ ක්‍රියාත්මක වනතම ප්‍රතිපත්තියට අනුව ප්‍රදානය සමාලෝචනය කිරීමට හා අනුමත කිරීමට මෙරට පාර්ලිමේන්තුවට අවස්ථාව හිමිවන බව ද තානාපති කාර්යාලය පෙන්වා දෙයි. 

රජයේ සහ පෞද්ගලික අංශයේ හදුනාගත් අවශ්‍යතා සදහා අරමුදල් සැපයීම තුළින් අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 11 කට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව මෙම සහයෝගය ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *