Press "Enter" to skip to content

සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 5ක් ජා -ඇලින් අල්ලයි

නාවික හමුදාව විසින්  ජා-ඇල ප්‍රදේශයේ සිදු කළ විශේෂ පරික්ෂා කිරීමකදී සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඊෙය් (24) නාවික හමුදාව විසින් ජා-ඇල සිනමාහලක් ඉදිරිපිට සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කර ඇති අතර, එම වෑන් රථය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයන්ගේ සැකකටයුතු හැසිරීම් සහ ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදී එකිනෙකට පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් සැකපිට නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් මෙම පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 30 ත් අතර වියෙහි පසුවන මට්ටක්කුලිය සහ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් බව හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයින් සහ වෑන් රථය ජා-ඇල පොලීසිය වෙත භාරදිමට කටයුතු කර තිෙබ්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *