Press "Enter" to skip to content

මුස්ලිම් පල්ලියකට ගල් ගැසූ දෙදෙනෙකු අත්අඩංගුවට

නිවිතිගල කලවාන පාරේ ගැටනිගෙවත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ගල් ගැසූ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු අද (18) අත්අඩංගුවට ගත් බව නිවිතිගල පොලිසිය පවසයි.

නිවිතිගල නගරයේ මෝටර් රථ අලුත්වැඩියා කරන්නෙකු ඇතුළු දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිවිතිගල නොරගොල්ල හා උඩකරවිට, පිංකන්දවත්තේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගොස් මුස්ලිම් පල්ලියට ගල් ගසා ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *