Press "Enter" to skip to content

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

නිරිතදිග බෙංගාලෙ බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ශාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ  85.3° ආසන්නයේ ප්‍රදේශයේ ත්‍රීකුණාමලයේ සිට කිලෝ මීටර් 490ක් පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

 

එය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් දෙසැබර් 03 වන දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇත.

 

ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, දෙසැම්බර් 03 දින වන විට සුළිකුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇත.

 

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයේ බටහිරට වන්නට බරව වයඹ  ගමන් කර දෙසැම්බර් 05 වැන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බරව පවතිනු ඇත. උතුරු, උතුර – මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වල විිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි.මීරට් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකියි.

 

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණ ුසහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය. උතුරු උතුරුමැද, වයම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මිටර් 4.0 -50 පමණ තද සුළං බලාපොරොත්තුවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *