Press "Enter" to skip to content

සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යවල කථා පවත්වන්නට යොදවන කාලය වසංගත පාලන තීන්දු ගැනීමට යොදවනවානම් බොහෝ දේ වෙනස් විය හැක

මේ වන විට ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ 13,000 කට අධික ප්‍රමාණයක් සිදු කොට ඇති බවට නිළ වාර්තා ප්‍රකාශයට පත්වුවද PCR යන්ත්‍ර 13 කින් සිදුකළ බවට වාර්තාවන ප්‍රමාණයන් ඊට වඩා බෙහෙවින් පහළ අගයක් බව පැහැදිළි වේ.

එහෙත් ප්‍රශ්නය එය නොවේ. මේ වන විට චිනයෙන් ලැබුණු PCR පරීක්ෂණ කට්ටල යොදාගත හැක්කේ යන්ත්‍ර 03 කට පමණි. සෙසු යන්ත්‍ර සඳහා මිලදී ගත යුතු රසායන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ටෙන්ඩර් කැඳවා නැත.

මේ වන විට ඒ සඳහා ඇනවුම්කර ඇත්තේ අදාළ පර්යේෂණාගාර ප්‍රධානීන් විසින් සිදුකරන හදිසි මිලදී ගැනීම ලෙසය. ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා මාස 4 ක කාලය තුල ටෙන්ඩර් කැඳවීම සහ PCR පරීක්ෂණ පිළිබඳ ගැටළු විසඳීමට සිළු වේලාවක් හෝ සොයාගත නොහැකි වූවා නම් මාධ්‍ය සංදර්ශන සඳහා යොදවන කාලයෙන් බිඳක් යොදවිය නොහැකිද යනුවෙන් පර්යේෂණාගාර නිලධාරීන් විමසති.

එසේම කඩාකප්පල්කාරීන්ට ඉඩදී බලාසිටීමද බලවත් වරදක් බව ඔවුහු පවසති.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *