Press "Enter" to skip to content

චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700කට කොරෝනා

චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700කට අධික පිරිසක් කොවිඩ්නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාදනයට ලක්ව ඇති බව එරට සෞඛ්‍ය අංශය පවසයි.

පසුගිය 11 වනදා වන විට සෞඛ්‍ය සේවකයින් 1716 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සේවකයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ. 

ඉන් 1500 දෙනෙකු හුබෙයි පළාතෙන් වාර්තා වී ඇත. 

කොරෝනා වෛරසයෙන් සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඔවුන්ට විවේක ගැනීමට මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන ආරක්ෂිත උපකරණ ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන්. 

මීට අමතරව චීනයේ සෞඛ්‍ය සේවකයින් සඳහා දෛනික දීමනා ලබා දීමට ද ඉදිරියේ දී අපේක්ෂා කරන බව චීනයේ මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *