Press "Enter" to skip to content

‘හතුරු’ ට වැඩිය අඩු වැටුපකට ලෝකයේ හොඳම පුහුණුකරුවෙක් එයි?

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලබන වැටුපට වඩා අඩු ගණනකට ලෝකයේ අංක එකේ පුහුණුකරුවකු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් පත්කිරීමට කටයුතු කරගෙන යන බව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
 
 චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාර ගත් දිනයේ සිට කණ්ඩායමේ ජයග‍්‍රාහී ප‍්‍රතිශතය 33% ක් පමණක් පැවතීම සලකා බලා නව පුහුණුකරුවකු පත්කරන ලෙසට ක‍්‍රීඩා ඇමැතිවරයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන්ට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් තමා පුහුණුකරුවන්ව ඉවත් නොකරන බවත් ගෙවන වැටුපට ඔහු සාධාරණයක් නොකරන්නේ නම් එවැනි වැටුපක් ලබාදී තේරුමක් නැති බවද ඇමැතිවරයා සඳහන් කරයි. 
 
 ‘‘මම පුහුණුකරුවන්ව එලවන්න ගියේ නැහැ. මොකද ඩොලර් 40000 ක වැටුපක් ගෙවනවා කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලූවහම එසේ මෙසේ ගාණක් නෙමෙයි. රුපියල් ලක්ෂ හැත්තෑවටත් වැඩියි. එවැනි පඩියක් ගෙවනවනම් ඊට ලැබිය යුතු සාධාරණයක් තිබිය යුතුයි. 35% ක තරග දිනන ප‍්‍රතිශතයක් තියෙනවනම් ලක්ෂ හැත්තෑ ගාණක් පඩි දෙන්න බැහැ. එසේ නම් ඔහුටත් ක‍්‍රීඩකයන්ට වගේ තරග දිනන විට වැඩි පඩියකුත් පරදින විට අඩු පඩියකුත් දෙන්න ඕනෑ. මොකද පරදිනවනම් වැඩි පඩි ගෙවන්න ඕනේ නෑනේ. ’’
 
 වාර්තා වන අන්දමට බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව චන්දික හතුරුසිංහට සිය රැුකියාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට දැනුම් දී ඇති බවත් ඔහු ඉල්ලා අස් නොවන්නේ නම් නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසට දන්වා ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ඉල්ලූම් කර ඇති පුහුණුකරුවන් තිදෙනාම හතුරුසිංහට වඩා භාගයක් පමණ වැටුප් ඉල්ලා ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි. 
 
 ‘‘මම විශ්වාස කරනවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් හරි දේ කරයි කියලා. මොකද මේ සල්ලි අපේ සල්ලි නෙමෙයි. මහජන මුදල් නෙමෙයි කියලා අයි. සී. සී. සල්ලි වුණත් රටේ නීතියක් තියෙනවා. හතුරුසිංහ අපේ රටේ කෙනෙක්. ඔහුව අපි ආරක්ෂා කරන්න ඕන. එහෙම කියලා කාට වුණත් ගෙවන වැටුපට සේවයක් කරන්න ඕන. ඒක නිසා යළිත් කොන්ත‍්‍රාත්තුව අලූත් කරලා හරි තැනට ගන්න. බැරිනම් එයාට යන්න කියන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ලංකාවේ පුහුණුකරු ධුරයට අයදුම්පත් එවලා තියෙන හොඳම පුහුණුකරුවෙක් ඉල්ලලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 25000 යි. එතකොට වෙනස පේනවා. අනිත් එක්කෙනා 20000 යි. තුන් වැනියා 17500 යි ඉල්ලලා තියෙන්නේ. ’’
 
 අලූත් පුහුණුකරුවකුට ගෙවන වැටුප සහ චන්දික හතුරුසිංහ ගෙවන වැටුප බැලීමේදී ලොකු වෙනසක් ඇති බවත් අලූත් පුහුණුකරුවකු පැමිණීමෙන් පසුව ඉතිරිවන මුදලින් ලංකාවේ ක‍්‍රිකට් වලට විශාල සේවයක් කළ හැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *