Press "Enter" to skip to content

හරක් කටා වෙනුවෙන් පෙනී සිටියාට නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව විරෝධයක් (වීඩියෝ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැති පුද්ගලයා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස නීතිඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත්වීමට විරෝධය දක්වමින් ඔහුගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

 

විරෝධතාකරුවන් පවසන්නේ, ‘හරක් කටා’ නමැති මෙම අපරාධකරුවා විසින් සිය ඥාතීන් ඝාතනය කර ඇති බවය.

 

ඒ, වෙනුවෙන් තමන්ට පොලීසියෙන් හෝ නීති මාර්ගයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් හිමිවී නොමැති බවද විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

 

එවැනි තත්ත්වයකදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ‘හරක් කටා’ වෙනුවෙන් ඉදිරිපත්වීම යුක්තිසහගත නොවන බවයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *