Press "Enter" to skip to content

හෙරොයින් සමඟ මාලිගාවත්තේ දී පුද්ගලයකු අත්අඩංගුවට

මාලිගාවත්ත පොලිස් වසමේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් සන්ත‍කයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේ දී හෙරොයින් ග්‍රෑම් 107 යි මිලිග්‍රෑම් 850 ක් සන්ත‍කයේ තබා ගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක් වු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ(040) උදෑසන 11.30ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *