Press "Enter" to skip to content

ෆාම් තෙල් නිසා අපේ රටේ පොල් තෙල් හිදේ

පරිභෝජනය සඳහා ඉකුත් වසරේ දී ෆාම් තෙල් මෙට්‍රික් ටොන් 240000 මෙරටට ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත බී. සමරකෝන් මහතා පවසයි.

ඉකුත් වසරේ පොල්තෙල් නිෂ්පාදනය කර ඇත්තේ මෙට්ට්‍රික් ටොන් 210ක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි. පොල් තෙල්වලට පාම් තෙල් මිශ්‍ර කර මහා පරිමාණයෙන් විකිණීම නිසා දිවයිනේ පොල්තෙල් නිෂ්පාදනාගාර පැවති ගණනින් අඩක්ම වැසී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කරයි.

පාලනයකින් තොරව පාම් තෙල් මෙරටට ගෙන්වීම නිසා මෙරට පොල් තෙල් කර්මාන්තය බිඳ වැටීමට ලක්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට වසරක පොල් නිෂ්පාදනය මිලියන තුන්දාහක් වන අතර දිනක මෙරට පොල් පරිභෝජනය මිලියන හයකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *