Press "Enter" to skip to content

ශ්‍රී ලංකාව අවට ඉන්දියානු මුහුදේ ඉන්දු අමෙරිකානු මහා නාවික අභ්‍යාසයක්!

ඇමරිකාවේ රොනල්ඩ් රේගන් නාවික ප්‍රහාරක බල ඇණිය සමඟ එක්වූ ඉන්දියානු නාවික හමුදාව ඉන්දියානු සාගරයේ මහා නාවික අභ්‍යාසයක් අද දින ආරම්භ කොට ඇත.

 

ශ්‍රී ලංකාව අවට ජාත්‍යයන්තර මුහුදේ පැවැත්වෙන එම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ චීනයට යම් පණිවිඩයක් ලබා දීම බව පැවසේ.

 

මෙම අභ්‍යාසය අනාගතයේදී තවදුරටත් වර්ධනය වීමට නියමිත ඉන්දු අමෙරිකානු නාවික ඒකාබද්ධ මෙහෙයුම් වල ආරම්භයක් ලෙසද සැලකේ.

 

මේ අතර ජූනි මස 21 සහ 22 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයද අයත් වන ලෙස ඉන්දීය ගුවන් හමුදාව සහ අමෙරිකානු නාවික හමුදාව පැවත්වීමට නියමිතව තිබූ ගුවන් යුද අභ්‍යාසය අත් හැර දමා ඇති බවද වාර්තාවේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *