Press "Enter" to skip to content

IMF විවාදය අද ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පිළිබඳ විවාදය අද(26) ආරම්භ වනවා.

 

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එය හෙට සහ අනිද්දා දිනවලත් පැවැත්වීමට නියමිත බවයි.

 

මෙරට ආර්ථිකයේ කඩිනම් ප්‍රගතියක් අත්කරගැනීම සඳහා ලක් රජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹි අරමුදල් පහසුකමට අදාළ සැකසුම මාර්තු 22 වනදා සභාගත කරනු ලැබුවා.

 

ඊට අදාළ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන අනුමැතිය මුදල් ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන යෝජනාවේ දැක්වෙන්නේ.

 

දින තුනක් පුරා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව අවශ්‍ය නම් ඡන්ද විමසීමක්ද පැවැත්වීම සිදුවනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *