Press "Enter" to skip to content

ජාතික සභාව…පාර්ලිමේන්තු විවාදය අද

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට යෝජිත ජාතික සභාව නමින් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

 

අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා අදාළ විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

 

ජාතික සභාවේ සභාපතිත්වය කථානායකවරයාට හිමිවන අතර අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරනු ලබන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් එම කාරක සභාව සමන්විත වේ.

 

කෙටි, මධ්‍යම සහ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟපෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම, ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කිරීම ජාතික සභාව මගින් යෝජනා කර තිබේ.

 

මේ අතර රජයේ ආදායම වැඩි කිරීමේ අවශ්‍යතා පිළිබඳ රජය විසින් ගෙනඑන සභාව කල්තැබීමේ යෝජනාව හෙට (21) දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

 

Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *