Press "Enter" to skip to content

එජාපයේ හිටපු මැති ඇමතිවරු ගෝඨාභය අගය කරති (වීඩියෝ)

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය අගය කිරීම විශේෂත්වයකි. හිටපු අමාත්‍ය නවීන් දිසානායක හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතුන් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ප්‍රතිපත්ති අගය කළ යුතු මට්ටමක පවතින බවයි.

රාජ්‍ය ආයතනවලින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ රුව ඉවත් කිරීම, කාර්ය මණ්ඩලය සීමා කිරීම, වාහන සීමා කිරීම ඇතුළු කියාමාර්ග කිහිපයකින්ම නිවැරදි මාර්ගයේ ගමන් කරන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කර තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

සජිත් පේමදාස මහතාගේ පරාජය ගැන කතා කරන නවීන් දිසානායක මහතා කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා තවම දිස්ත්රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී ද විශාල වශයෙන් පරාජය වී තිබෙන බවයි.

කරට කර තියුණු සටනක් දී ජනාධිපතිවරණයෙන් පරාජය වීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි වී තිබෙන බවද නවීන් දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *