Press "Enter" to skip to content

එජාප පසුපෙළ හෙට රාත්‍රී අටට සජිත් සමග තීරණාත්මක හමුවක

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් හෙට රාත්‍රී කොළඹ ප්‍රදේශයේ හෝටලයක දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට නියමිතයි.

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බිහි කිරීමට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය සිකුරාදා ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහතා තරග කළ යුතු බවයි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශය පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වූ වහාම කැඳවන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් භාරදීම සඳහා එම ලිපියට අත්සන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදු වේ.

‍මේ සියලු කාරණා සහ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව හෙට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග තීරණාත්මක සාකච්ඡාවක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කූඹියෝ නිවුස් වෙත පැවසුවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *