Press "Enter" to skip to content

ගෙදර ගිහින් හරක් බලන්න-ඩිලාන් දයාසිරිට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ධූරය නිසි පරිදි සිදු කිරීමට නොහැකි නම් ගෙදර ගොස් හරක් බලා ලෙස තමා දයාසිරි ජයසේකර මහතාට ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මා ලේකම් ලෙස විනය පරීක්ෂණ සිදුකිරීමට දයාසිරි ජයසේකර මහතාට කිසිදු අයිතියක් නොමැති බවයි. පොහොට්ටුවේ ජාතික සම්මේලනයට ගිය ශ්‍රී ලංකාවේ එදා පක්ෂයේ පිරිස් වලට විනය පරීක්ෂණ සිදුකිරීමට පෙර එක්සත් ජාතික පක්ෂ ගොස් සිටින විරිත් වීස මුනි සොයිසා, මනුෂ නානායක්කාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක, ඒකෙන් ෆවුසි යන න්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු නොකරන්නේ මන්ද කියා තමා ප්‍රශ්න කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. දයාසිරි ජයසේකර මහතා ද එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි කෙනෙක් නිසා ‍රී ලංකාවේ පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගිය පිරිස් වලට එරෙහිව විනය පරීක්ෂණ සිදු නොකරන බවට සාධාරණ සැකයක් ඇති වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හොත් නැවත තම මහගෙදරට එනම් එක්සත් ජාතික පක්ෂයට යෑමට දයාසිරි ජයසේකර මහතා තුළ සැලසුමක් තිබේ නිසා එක්සත් ජාතික පක්ෂයට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් වලට එරෙහිව විනය පරීක්ෂණ සිදු නොකරන තත්ත්වයක් උදා වී ඇති බවට සැක කළ හැකි සාධාරණ හේතු තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *