Press "Enter" to skip to content

ගෝඨාභයට සහය දැක්වීමට මහ රෑ අම්බලන්ගොඩට මහ සෙනගක්


ගෝඪාභය රාජපක්දෙෂ මහතා වෙනුවෙන්වු ඊයේ සවස දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආගමික වතාවත් සහ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කොට තිබූ අතර ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාතර බෝධීන් වහන්සේ අසල සංවිධානය කර තිබූ විශේෂ පිලිගැනීමේ උත්සවයට සහ ආගමික වතාවත් වලට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී විය .


මාතර බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීනේ අනතුරුව මාතර නගරයේ අතිවිශාල ජනකායකගේ හරසර මැද විජයග්‍රහණයේ චාරිකාව ආරම්භ කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිලිගැනීම සඳහා හබරාදුව නගරයේ සහ මාර්ගයේ ස්ථාන රැසක උත්සව සංවිධානය කොට තිබිනී. ගාල්ල දේශපාලන නායකත්වය පෙරටු කර ගත් පිළිගැනීමේ උත්සව රැසක් ගාලු නගරයද ඇතුඵව සංවිධානය කොට තිබූ අතර සීනිගම දෙවොල් දේවාලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දේශපාලන නායකයින් එම ස්ථානයේදී ආගමික වතාවත්වල නිරත විය.එම අවස්ථාවේදී විශේෂ අනුශාසනාවක් පැවැත් වූ දොඩම්දූව පටුවන ශ්‍රි සීලක්ඛන්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධීපති මීවනපලානේ ධම්මරතන නාහිමියන් සඳහන් කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂක වශයෙන් නම් කිරීම තුලින් ජනතා අපේක්ෂා ඉහල නැන්වීමට සමත්වුන බවත් එතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රටේ ජනතාවට විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීම සිය ප්‍රමුඛ වගකීම කරගතයුතු බවයි සීනිගම දේවාලයෙ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රැස්ව සිටි ජනතාවගේ උණුසුම් සුභ පැතුම් සහ ආචාරය පිලිගනු ලැබීය.

ඉන් අනතුරුව අම්බලන්ගොඩ නගරයේ සංවිධානය කර තිබූ පිළිගැනිමේ උත්සවයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්විය අම්බලන්ගොඩ නගරයේ රැස්වසිටි විශාල ජනතාවකගෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උනුසුම් සුභ පැතුම් හිමිවිය . ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙහිදී සිය දෛනික කටයුතු පසෙකලා තමන් වෙනුවෙන් එම ස්ථානයට රැස්වූ ජනතාවට සිය ස්තූතිය පුද කලේය මෙම අවස්ථාවන් සඳහා චමල් රාජපක්ෂ මැතිතුමා ඇතුඵ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පලාත් සභා නියෝජිතයින් පලාත් පාලන නියෝජිතයින් ඇතු`ඵ දේශපාලන ක්‍රීයාකාරීහූ රැසක් එක්ව සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *