Press "Enter" to skip to content

ජනාධිපතිවරණයට තරග කරන බව රනිල් කියයි

තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව එජාපයේ ජ්‍යෙෂ්ඨයකු කුඹියෝ නිවුස් වෙත පැවසීය. ‍

මෙහිදී කබීර් හෂිම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර දිගින් දිගටම ප්‍රකාශ කළේ වැඩිම ජනප්‍රසාදයක් තිබෙන සජිත් ප්‍රේමදාස මහතාට අපෙක්ෂකත්වය ලබාදෙන ලෙසයි. සජිත්ගේ රැස්වීම් වලට වැඩි පුර සෙනග පැමිණෙන බවද ඔවුන් පෙන්වා දුන්හ. ‍

මෙහිදී දයා ගමගේ අමාත්‍යවරයා පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා නමින් රැලි පවත්වන විට සෙනග පැමිණෙන බවයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද ජනාධිපති අපේක්ෂකයා ලෙස රැලි පැවැත්වුවහොත් ඔයිට වඩා දස ගුණයකින් සෙනග පැමිණෙන බවද දයා ගමගේ අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සමාජයේ සියලු ජනකොටස්වල ප්‍රසාදය තිබෙන බවයි. සජිත් මහතා වෙනම තරග කිරීමේ තීරණයක් ගතහොත් කරන්නේ කුමක්ද යන්න විමසූ පැනයට පිළිත=රැ දුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ කවුරැ ඉල්ලුවත් තමන්ද ජනාධිපතිවරණය ඉල්ලීමට බලාපොරොත්තු වන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *