Press "Enter" to skip to content

පාඨලී අද නැවත අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත.

ඊයේ රාත්‍රි ඔහු මැගිසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත බත්තරමුල්ලේ පිහිටි නිවසේදී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත
රැගෙන ආවේය.

පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රි 10.00ට පමණ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද
සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

එහිදී ඇය නියෝග කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව අද දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *