Press "Enter" to skip to content

රනිල්, සජිත් සටන අත්හරිති? කරූ එන ලකුණු ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසු ඔහුට ලැබුණු අති විශාල ජනතා ප්‍රතිචාර හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ධූරය සඳහා සටනක නිරත වුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය සටන බොහෝදුරට අත් හැරීමට ඉඩ තිබෙන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉදිරි ජනාධිපතිවරණයේදී සටනක නිරත වීම ඉතා අසීරු බවත් අද මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව හමුවේ ප්‍රකාශ දේ පිළිබදව දැඩි ජනතා ප්‍රසාදයක් එල්ල වී තිබෙන අතර ඒ සමාජය තුළද දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී.

මෙවැනි තත්ත්වයක් හමුවේ ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කොට පරාජය වීමට වඩා පක්ෂයේ තනතුරු රැකගෙන සිටීම වඩා යෝග්‍ය බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා බොහෝ දුරට තීරණය කරනු ඇති බවද එම දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි. ඔවුන් දෙදෙනාම එසේ අපේක්ෂකත්වය අත්හැරියොත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් මීලග ජනාධිපතිවරණයට බොහෝදුරට තරග කිරීමට නියමිතව ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *